ලබන මාසේ මුල.. දේශපාලන උණුසුම මැද, පොහොට්ටුව ගත් විශේෂ තීරණය මෙන්න..

Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By krishani Aug 27, 2024 03:50 AM GMT
krishani

krishani

Report

ලබන මස පළමු සතිය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව ඇත.

ඒ බව එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේ ය.

සියලු ජනාධිපති අපේක්ෂකයන්, පුදුම කරමින් සජිත් පිල කරන්න යන දෙය මෙන්න..

සියලු ජනාධිපති අපේක්ෂකයන්, පුදුම කරමින් සජිත් පිල කරන්න යන දෙය මෙන්න..


ඒ අනුව මේ වන විට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ අවසන් කටයුතු සිදුවන බව ඒ මහතා පැවසීය.

මේ අතර, සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරමින් එය ආරක්ෂා කිරීමට පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ය.

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"සමෘද්ධි ව්‍යාපාරය ගැන මෙයාලා වැරදි මතයක් යවනවා. සමහර නායකයෝ හිතනවා අපේ හාමුදුරුවනේ සමෘද්ධි ව්‍යාපාරය අසාර්ථකයි කියලා. මේ රටේ ජනතාව දුප්පත්කමින් මුදවා ගත්තේ සමෘද්ධිය. අපි විශ්වාස කරනවා මේ රටේ සමෘද්ධි ව්‍යාපාරය අපි ආරක්ෂා කරන්න ඕනේ. සමෘද්ධිලාභියාගේ දරුවා ගැන, තාක්ෂණය, කෘෂිකර්මාන්තය වෙන්න පුළුවන් ලෝකයේ රැකියා වෙළෙඳපොළ වෙන්න පුළුවන් ඒ රැකියා වෙළෙඳපොළට සරිලන රැකියාවක් හොයලා දිලා සමෘද්ධියෙන් ඔවුන්ව එළියට ගන්න ඕනේ.

අපි සමෘද්ධි ව්‍යාපාරය ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි, සමෘද්ධිලාභියාව ව්‍යවසායකයෙක් බවට පත්කරන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු අපි ක්‍රියාත්මක කරනවා."

ReeCha