සමගි ජන බලවේගයට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්.(VIDEO)

Covid Sri Lanka Education School children Tuition class
By Aruna Nov 16, 2021 03:23 AM GMT
Aruna

Aruna

Report

යම් විරෝධතාවක් සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පිරිස අද (16) කොළඹ නගරයට ඒකරාශීවන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් එය වැළැක්වීම සඳහා පොලීසිය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

කොවිඩ් පාලනය සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිකුත්කර ඇති ගැසට් පත්‍රයට අනුව, ඔහුගේ අවසරය නොමැතිව මහජන ඒකරාශී වීම් තහනම් කර තිබෙනවා.

මේ තත්ත්වය මත කොළඹ නගරයට ජනතාව කැඳවීම සම්බන්ධව පොලීසිය කළ ඉල්ලීමකට අනුව බස්නාහිර පළාත තුළ මහෙස්ත්‍රාත් අධිකරණ 7ක් මගින් එවැනි ඒකරාශිවීම් තහනම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඒ අනුව, රැස්වීම සඳහා මහජනතාව ඒකරාශී වීම, කැඳවීම, සහභාගීවීම නිතී විරෝධී බවයි ඔහු සඳහන් කර සිටියේ.

යම් පුද්ගලයෙකු එලෙස කටයුතු කරන්නේ නම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය මගින් පොලිස් නිලධාරින්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha