5000 කට ආසන්න ප්‍රමාණයක් මේ සතියේ අධ්‍යාපන අංශයට බඳවාගන්න යයි..

Ministry of Education Sri Lanka Education
By Aruna Feb 21, 2023 07:14 AM GMT
Aruna

Aruna

Report

විදුහල්පති පුරප්පාඩු හාරදහස් අටසියයක්(4800) පිරවීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා.

මේ සඳහා දසදහසක් පමණ අයැදුම් කර තිබෙන අතර ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ මෙම සතියේ සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙම පුරප්පාඩු පිරවීමට අවසර දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම දිගින් දිගට ම ප්‍රමාද වීම නිසා ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ දී සිය විරෝධය පළ කළ අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඊට අනුමැතිය ලබා දී ඇත්තේ ඉන් පසුව ය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha