2023 පාසල් සිසුන් සම්බන්ධයෙන් නව චක්‍රලේඛනයක් නිකුත් කරයි..

Ministry of Education Sri Lanka G.C.E. (O/L) Examination
By Aruna Jan 17, 2023 02:52 AM GMT
Aruna

Aruna

Report
110 Shares

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් අ.පො.ස උසස් පෙළ සඳහා විෂය ධාරා අනුව පන්තිවලට ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් කරනු නොලැබේ.

මේ සඳහා චක්‍රලේඛන මගින් පාසල්වලට අවසර ලබා දී ඇත.

තමන් පදිංචි ප්‍රදේශය තුළ අදාළ විෂය ධාරාව පවතින පාසලක් ලබා ගැනීමට එම ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් කටයුතු කළ හැකි ය.

2023 වර්ෂයට අතරමැද පන්ති සඳහා (1-6 හැර) ළමුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛනය නිකුත් කිරීමට නියමිත අතර ඒ අනුව 2023 ප්‍රථම වාරය ආරම්භ වන මාර්තු 27 වන දින වන විට අයදුම් කිරීමට නිවේදන නිකුත් කරනු ලැබේ.

එතෙක් අතරමැද පන්ති සඳහා ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් කරනු නොලැබේ.

– මාධ්‍ය ඒකකය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha