ලබන මාර්තු සිට උපාධිධාරීන්ට විශේෂ අවස්ථාවක්..රට පුරා පාසල් වලට කරන්න යන දේ..

Ministry of Education A D Susil Premajayantha Sri Lanka
By Aruna Dec 29, 2022 01:01 AM GMT
Aruna

Aruna

Report

ලබන මාර්තු මාසය වන විට උපාධිධාරීන් 8,000ක් පාසල්වලට යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පාසල්වල කාර්යාල කළමණාකරණය කිරීම සඳහා මූල්‍ය සහකාර හා පරිපාලන සහකාර ලෙස ඔවුන් එලෙස යොමු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

අධ්‍යාපන කලාප ගණන තවත් 20කින් වැඩි කිරීමටද පියවර ගන්නා බවද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියා.

ඉදිරියේදී පාසල් වර්ගීකරණය ප්‍රාථමික, කනිෂ්ඨ ද්විතීක හා ජ්‍යෙෂ්ඨ ද්විතීක යන අංශ 3ක් ලෙස සරල කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යාපන දර්ශනපති, අධ්‍යාපනපති, අධ්‍යාපන කළමනාකරණ විද්‍යාපති, අධ්‍යාපන කළමනාකරණපති සහ අධ්‍යාපනවේදී ලෙස විද්‍යාර්ථයින් 2,283 දෙනෙකු වෙත උපාධි සහ පශ්චාත් උපාධි ප්‍රදානය කිරීම සිදු කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now

ReeCha