රට පුරා සියලු පාසල් සිසුන්ට අද සිට විශේෂ වෙයි..

Ministry of Education Sri Lanka Education
By Aruna Feb 20, 2023 02:19 AM GMT
Aruna

Aruna

Report
250 Shares

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 පාසල් වර්ෂයේ තෙවන වාරයේ අවසන් අදියර අද (20) ආරම්භ වනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය හේතුවෙන් ජනවාරි මස 23 වන දින සිට පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබීය.

ඒ අනුව 2022 පාසල් වර්ෂයේ තෙවන වාරය මාර්තු මස 24 වනදායින් අවසන් වීමට නියමිතව තිබේ.

2023 පාසල් වර්ෂය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ මාර්තු මස 27 වනදාය.

මේ අතර මාර්තු මස 27 වන දිනට පෙර 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් බෙදාහැර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ්‍ය පැවසුවේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha