5 /6 දිනයන් වල විවෘත වන දේ මෙන්න. - රාජ්‍ය අමාත්‍යවරයාගෙන් අමාත්‍යවරයාගේ ප්‍රකාශය

Covid pandemic essencial servises
By Sithumi Sep 02, 2021 01:11 PM GMT
Sithumi

Sithumi

Report

සැප්තැම්බර් 5/6  දිනයන්වල දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන හා පෑලියගොඩ මැනිං  වෙළඳපොළ තොග වෙළෙඳ කටයුතු සඳහා විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කොවිඩ් 19 රෝගින් වර්ගීකරණය කරමින්, අවශ්‍යතා අනුව රෝහල්ගත කිරීමේ වැඩපිළිවෙළ අද සිට දකුණු පළාත තුළත් ක්‍රියාත්මක වනවා. 

 වර්ගීකරණය සඳහා 1904ට කෙටි පණිවිඩයක් යොමු කළ හැකියි. මේ අතර මාතර, වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේ ඊයේ (01) පැවැති කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ තිබුණි. ඒ අනුව ලැබී තිබූ එන්නත් මාත්‍රා ප්‍රමාණය අවසන්වීම හේතුවෙන් එන්නත්කරණ කටයුතුවලට බාධා එල්ල විය.

එන්නත් අවසන් වූ බව දැනුම් දී තිබුණත් ජනතාව දිගින් දිගටම එහි රැඳීසිටීම නිසා පසුව පොලීසිය කැඳවීමට සිදුවිය. ඒ අනුව එම ස්ථානයට පැමිණි වැලිගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ගම්වාසීන් ඉවත්කිරීමට කටයුතු කර තිබුණි.

එහිදී ඇතැම් පිරිස් පොලිසියේ බැටන් ප්‍රහාරයන්ට ලක්වන අයුරුද දැකගත හැකිවිය. එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීමෙන් අද (02) හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 - 30 අතර කාණ්ඩයේ අය සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට නියමිතව තිබුණි. නමුත් නොවළැක්විය හැකි හේතුවක් නිසා මෙම එන්නත්කරණ වැඩසටහන අවලංගු කිරීමට සංවිධායකයින් පියවර ගෙන ඇත. ඒ හේතුවෙන් එන්නත ලබාගැනීමට පැමිණි ජනතාව අපහසුතාවට පත්වුණි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

.

ReeCha