එකවරම පහල ගිය ඩොලරයේ අද වටිනාකම මෙන්න..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lanka
By Aruna Mar 28, 2023 07:13 AM GMT
Aruna

Aruna

Report

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාතයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව අද(28) දිනයේ ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතයන් අනුව කොමර්ෂල් බැංකුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 314.27ක් ලෙසත් විකිණුම් මිල රු.332.50ක් ලෙසත් සඳහන් කර ඇත.

මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද රු. 313.52ක් වන අතර විකිණුම් මිල රු. 336.09ක් ලෙස සටහන්ව තිබෙනවා.

එමෙන්ම ලංකා බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 316ක් වන අතර විකිණුම් මිල රු.334.54ක් ලෙස සටහන් වනවා.

මේ අතර සම්පත් බැංකුවේ විනිමය අනුපාත අගයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.315ක් ලෙසත් විකිණුම් මිල රු. 330ක් ලෙස සටහන් වනවා.

පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය නොවෙනස්ව පවතින බවයි වාණිජ බැංකු විසින් අද දින නිකුත් කර ඇති විනිමය අනුපාතයන් අනුව තහවුරුවී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now