මුගුරක් රැගෙන පුතු පියා පසුපස පන්නලා - පුතුගෙන් බේරිමට නිවසෙහි හැංගුන පියාව පුතු විසින් ඝාතනය කළ අවාසනාවන්ත පුවතක්..

Sri Lanka Police Crime
By krishani Nov 27, 2022 06:17 AM GMT
krishani

krishani

Report

බදුල්ල - වේවැස්වත්ත ප්‍රදේශයේ දී පුතෙකු සිය පියාට මුගුරකින් පහර දී ඝාතනය කර ඇත.

සැකකරු මුගුරක් රැගෙන සිය පියාට පහරදීමට පසුපස හඹාගොස් ඇති අතර ඉන් බේරීමට පියා නිවස තුළට ඇතුළු වී දොර වසාගෙන සිටියදී දොර කඩා ඇතුළු වී සිය පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇත.

එලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි බදුල්ල වේවැස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් වන අතර ඝාතනය සිදුකළ 34 හැවිරිදි සැකකරු මානසික ආබාධයකින් පෙළෙන ගොළු පුද්ගලයෙකී.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (27) සිදුකිරීමට නියමිතයි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අතර බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join