ඇඳිරිනීතිය පිළිබඳ අලුත්ම නිවේදනය මෙන්න. තවදුරටත් දීර්ඝ කරයි.

Curfew Sri Lanka
By Aruna Sep 03, 2021 06:59 AM GMT
Aruna

Aruna

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් දිවයින පුරා පවතින නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව මෙම මස 06 වන දක්වා පැනවූ නිරෝධානය ඇඳිරි නීතිය ලබන13 දක්වා දීර්ඝ කර තිබේ.

අද (03) පෙරවරුවේ පැවති කොවිඩ් මර්ධන කාර්ය සාධන බලකා රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අතර මීට පෙර අගෝස්තු 20 දින පනවා තිබූ දින 10 ක අගුලු දැමීම සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ මත සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කළා.

මේ අනුව දැනට පවතින අගුලු දැමීම ඔක්තෝබර් 2 දක්වා හෝ අවම වශයෙන් සැප්තැම්බර් 18 දක්වා දීර්ඝ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.

අගුලු දැමීම සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 2 දක්වා දීර්ඝ කළ හොත් එයින් පිළිවෙලින් මරණ 7,500 ක් සහ 10,000 ක් ගලවා ගත හැකි වනු ඇති බව විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now .


Gallery
ReeCha