ඇඳිරි නීතිය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක්..18 දක්වා දීර්ඝ කරයි???
නිරෝධායන ඇඳීරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය මේ වනවිට සූම් තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරු කරගන්නා බව වාර්තා වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙයි.
පවතින කොරෝනා තත්ත්වය පාලනය කිරීම සඳහා දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවාඇති අතර එය එළඹෙන සඳුදා අළුයම 04.00ට එය ඉවත්කිරීමට නියමිතය.
කෙසේවෙතත් දැනට පවතින කොරෝනා ව්‍යාප්තියේ තත්ත්වය පිළිබඳව සමාලෝචනය කිරීමෙන් පසු නිරෝධායන ඇඳීරිනීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව වාර්තා විය.
මේ අතර විශේෂඥ වෛද්‍යවරු ඇතුළු බොහෝ පිරිසක් රට තවදුරටත් වසාතබන ලෙස දැනටමත් ඉල්ලීම් සිදුකර ඇති බවද සඳහන් වෙයි.
මේ අනුව දැනට පවතින අගුලු දැමීම ඔක්තෝබර් 2 දක්වා හෝ අවම වශයෙන් සැප්තැම්බර් 18 දක්වා දීර්ඝ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.
අගුලු දැමීම සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 2 දක්වා දීර්ඝ කළ හොත් එයින් පිළිවෙලින් මරණ 7,500 ක් සහ 10,000 ක් ගලවා ගත හැකි වනු ඇති බව විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
