මිතුරාගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරාගෙන රන්බඩු මිලදීගත් අයෙක් අත්අඩංගුවට

friend creditcard srilankanews gossipnews
By Gagana Nov 25, 2021 09:47 AM GMT
Gagana

Gagana

Report

වැල්ලවත්තේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරාගෙන රුපියල් ලක්ෂ 5 ට අධික මුදල් හා රන් බඩු මිළදී ගත් සැකකරුවෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු එම ව්‍යාපාරිකයා වසර 20 ක් පමණ කාලය සිට ඇසුරු කරන ඔහුගේ හොඳම මිතුරා බවද පොලිසිය පවසයි.

කෝටිපති ව්‍යාපාරිකයා හා සැකකරු වන මිතුරන් වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලක මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහි දී සැකකරු ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරාගෙන ගොස් රන් බඩු හා මුදල් ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.

ක්‍රෙඩිට් කාඩ්පතෙන් රුපියල් ලක්ෂ 4 ක වටිනා රන් බඩු හා මුදල් ලබාගෙන ඇති බවට ව්‍යාපාරිකයා පොලිසයට කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා සැකකරු වන ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

JOIN NOW