අද කොවිඩ් ආසාදිතයන්ගේ පැහැදිලි වෙනසක්

Corona virus Sri lanka covid 19
By Sithumi Sep 14, 2021 12:51 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 1628 දෙනෙකු හදුනා ගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,354 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 415,649ක් දක්වා ඉහළගොස් තිබේ

එමෙන්ම,

පසුගිය දා පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ජනාධිපතිවරයා ළමා රෝග විශේෂඥයින්ගෙන් පාසල් දරුවන් සඳහා එන්නත් ලබා දීම පිළිබඳව අධ්‍යයන වාර්තාවක් සකස් කර භාර දෙන ලෙස ඉල්ලීමක් කළ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, අද (සැප්. 14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. "පාසල් විවෘත කිරීමට පෙර විවිධ සංකූලතාවලින් පෙළෙන දරුවන් පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කළ බව බොහොම පැහැදිලිව හඳුනා ගෙන තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව, එන්නත්කරණය පිළිබඳව ඉදිරියේදී ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ලබා දෙන වාර්තාවට අනුව රජය කටයුතු කරනවා," යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම මාධ්‍ය හමුවේදී පාසල් ළමුන්ගේ විභාග ප්‍රතිඵල සම්බන්ධයේ වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

"ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව විධිමත් ලෙස නොවුණත් අදහස් ප්‍රකාශ වෙලා තියෙනවා. එහිදී හැකිතාක් ඉක්මණින් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබා දීමේ ක්‍රමවේදයන් පිළිබඳව විශ්ලේෂණය කරන ලෙස ගරු අධ්‍යාපන ඇමතිතුමාට වගකීම් පවරලා තියෙනවා. එතුමන් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරයි."