චීනය ගත් දැඩි තීරණය..

COVID-19 Government of China China
By krishani Dec 02, 2022 06:09 AM GMT
krishani

krishani

Report

කොවිඩ් පළමුවෙන්ම වාර්තා වූ චීනය එම රෝගය නිසා තවමත් පීඩා විඳියි.

එම තත්ත්වය මත කොවිඩ් ව්‍යාප්තිය පාලනයට චීන පාලකයින් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් එම ප්‍රතිපත්තිය එරට ජනතාව දැඩි පීඩනයකට ලක්කර තිබෙන බවත් වාර්තා විය.

මේ හේතුවෙන් එරට සමහර ප්‍රදේශවල ජනතාව විරෝධතා පැවැත් වූ අතර එම විරෝධතා පැතිර ගියේ බටහිර සින්ජියෑන් කලාපයේ පිහිටි තට්ටු නිවාසයක ඇතිවූ ගින්නකින් 10 දෙනෙක් මියයෑමෙන් අනතුරුවය.

විරෝධතා පාලනයට එරට ආරක්ෂක අංශ බලය පාවිච්චි කළ අතර ජාත්‍යන්තරයෙන් පවා ඊට එල්ලවූයේ දැඩි විරෝධයකි.

ජනතා විරෝධය හේතුවෙන් දැඩි කොවිඩ් සීමා ලිහිල් කිරීමට චීන බලධාරීන් කටයුතු කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join