ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය කළඹපු ලිපිය ගැන නියෝගයක්

Report

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව වෙනුවෙන් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර ඇති ලිපියක් බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීමට එහි වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා මෙන් අභියාචනාධිකරණය අද (14) දින පෙත්සම්කාර පාර්ශ්වයට නියම කර තිබෙනවා.

මෙම පෙත්සම දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව එය අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ කැඳවීය. එහිදී සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයට අදාළව අතුරු තහනම් නියෝග ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ දැයි විමසා ඇත.

එයට පිළිතුරු වශයෙන් පෙත්සම්කාර පාර්ශ්වය සඳහා පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා මෙම නඩුකරයට අදාළව අතුරු තහනම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසුවා.

21 නුගේගොඩට එන අයට කරන්න ඕනේ මේකයි - මුදලිගේ ඉල්ලයි

21 නුගේගොඩට එන අයට කරන්න ඕනේ මේකයි - මුදලිගේ ඉල්ලයි

එසේ නම් වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කර ඔවුන් අධිකරණය හමුවේ කැඳවීමෙන් පසුව මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා මෙන් විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කර ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ, මෙම සිද්ධියට අදාළව ලිපිය ඉවත් කරගෙන ඇති බවට රජය මඟින් ප්‍රකාශ කර ඇති කරුණු ජනමාධ්‍යවලින් වාර්තා කර ඇති බවයි. එසේ වුවත් මේ සම්බන්ධයෙන් තම සේවාදායකයින් අධිකරණය වෙතින් නියෝගයක් අපේක්ෂා කරන බව නීතිඥ විතාරණ මහතා පැවසුවා.

සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට වගඋත්තරකරුවන් දරණ උත්සාහය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් නීතිඥ කනිෂ්ක විතාරණ මහතා මෙහිදී චෝදනා කර සිටියා.

ගුවන්තොටුපලේ සුපිරි වැඩක් පටන් අරන්

ගුවන්තොටුපලේ සුපිරි වැඩක් පටන් අරන්

පසුව අඳාළ පෙත්සම කරුණු තහවුරු කිරීමට පෙබරවාරි මස 10 වන දින කැඳවන මෙන් නියෝග කළ විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර ඇත.

එමෙන්ම මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, විදේශ අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ඊක්වල් ග්‍රවුන්ඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ යන අය නම් කර ඇත.

කෙසේ වෙතත් පෙත්සම්කරුවන් විසින් ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට වූ යෝජිත ව්‍යාපෘතියකට ඉඩ සලසමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් වගඋත්තරකාර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෙත ලිපියක් යොමු කර ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව ප්‍රකාශ කළා.

අඳාළ ලිපියෙන් වගඋත්තරකාර සභාපතිවරයා ශ්‍රී ලංකාව තුළ සමරසී ප්‍රජාවට වූ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට එකඟතාවය පළ කර ඇති බව පෙත්සම්කරුවන් චෝදනා කළා.

අඳාළ ලිපිය පිළිබඳ තොරතුරු හෙළිදරව් වීමෙන් අනතුරුව මතුවූ මහජන විරෝධය මෙන්ම මහා නාහිමිවරු සහ කාදිනල් හිමිපාණන් විරෝධය පළ කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් රජය තුළ නැති බව සඳහන් කළ බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.

එමෙන්ම විදේශ අමාත්‍යවරයාද එම ප්‍රකාශයම සිදුකළ බවත් පෙත්සමේ සඳහන් විය.

එබැවින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම රාජ්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ආකාරයට කටයුතු කර අදාළ ලිපිය නිකුත් කර ඇති බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදනද උල්ලංඝනය කිරීම සිදුවී ඇති බවත් චෝදනා කළා.

එනිසා ශ්‍රී ලංකාවේ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ එම ව්‍යාපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීයේ සභාපතිවරයා නිකුත් කර ඇති ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙයට අමතරව ශ්‍රී ලංකා තුළ සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකාර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

අවුරුදු 26ට වැඩි අවිවාහකයන්ට මෙන්න සුබ ආරංචියක්

අවුරුදු 26ට වැඩි අවිවාහකයන්ට මෙන්න සුබ ආරංචියක්