ලොහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කියයි..

By Sewvandhi Sep 16, 2021 10:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ ලොහාන් රත්වත්තේ මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් මෙම පැමිණිල්ල කර ඇත.

අමාත්‍යවරයා බන්ධනාගාර දෙකකට ඇතුළු වී එක් බන්ධනාගාරයක සිරකරුවන්ටත් තර්ජනය කර ඇති බවත් එනිසා ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද එම සංවිධානය කියා සිටී.

අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ඇත්තේ ගිනි අවියක් සහිතව බවත් සිරකරුවන් කිහිප දෙනෙකුට තර්ජනය කර ඇති බවත් වැලිකඩ බන්ධනාගාරයට මිතුරන් කිහිප දෙනෙකු සමග බීමතින් ගොස් තිබෙන බවත් ඔවුන් චෝදනා කරයි.

රාජ්‍ය අමාත්‍යවරයාට අපරාධ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව දැන් ඔවුන් පවසයි.

මේ අතර,රාජ්‍ය අමති ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා බියවැද්දීම සම්බන්ධයෙන් කළ විමසීමකට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රතිචාර දන්වයි.

කිසිවෙකු හෝ සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා දණ ගැස්වීමට කටයුතු කර ඇත්නම් ඔහු දීර්ඝ කාලීනව බන්ධනාගාරය තුළ ම නතර කිරීම සුදුසු බව ඔහු සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා කරන වෙලාවක මෙවන් සිදුවීම් සිදුවීම නුසුදුසු දෙයක් බව ද ඔහු පැවසීය.

මෙවන් කටයුතු මහජන නියෝජිතයකුට උචිත නොවන බව පැවසූ ඔහු ජනාධිපති අගමැති මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයිද කියා සිටියේය. පරිසර අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now