ඖෂධ හා උපකරණ මිලදී ගැනීමේදී නිර්දේශ ඉදිරිපත් කරන්න කමිටුවක්.
ඖෂධ හා උපකරණ තරඟකාරීව මිලදී ගැනීමේදී පවතින බාධා මඟ හැරවීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.
පසුගියදා කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුවයි එම කමිටුව පත් කර ඇත්තේ.
මෙම කමිටුවේ සභාපතිත්වය මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන ඒ. එස්. සෙනෙවිරත්න මහතා දරන අතර, කමිටුව සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත වෙනවා.
මෙම කමිටුව ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය සකස් කිරීම හා ඊට ඇති බාධා පිළිබඳව මහජන යෝජනා විමසීමක් ද සිදු කිරීමට නියමිතයි.
ඒ සඳහා උනන්දුවක් දක්වන පාර්ශවලට මෙන්ම සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයින්ටද කමිටුවට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
සැප්තැම්බර් මස 13 වැනිදා දක්වා අදාළ යෝජනා හා අදහස් tpm23nmra@gmail.com හා dirtcs@health.gov.lk යන ඊමේල් ලිපිනයන් වෙත එවීමට හෝ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ගෙනවිත් භාර දීම සිදු කල හැකිවේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ලැබෙන සියලු යෝජනා සලකා බලා ඖෂධ හා උපකරණ මිලදී ගැනිමේදි පවතින බාධා හා ඒවායේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
