ශ්‍රී ලංකා මහ බැංකුව කරන්න යන අලුත්ම වැඩපිළිවෙළ..

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Sep 18, 2023 09:59 AM GMT
krishani

krishani

Report

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් දස වැදෑරුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

ඒ සඳහා ත්‍රස්තවාදය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම, මත්ද්‍රව්‍ය ජාවාරම, දූෂණය, වෙළෙඳාම් ආශ්‍රිත අපරාධ සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු ලාභය මත පදනම් වූ අපරාධමය ක්‍රියාකාරකම් වළක්වා ගැනීම ආදිය අඩංගු වේ.

පසුගිය දා කොළඹ දී පැවැති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන අවස්ථාවේ දී මහ බැංකුව මේ බව අනාවරණය කළේ ය.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ආරම්භක සාමාජික රටවල් 13න් එකක් ලෙස ශ්‍රී ලංකාව 1997 වසරේ සිට කටයුතු කරනු ලබයි.

එවන් පසුබිමක් තුළ මහ බැංකුව පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට අනුගමනය කළ යුතු දස වැදෑරුම් යෝජනාවලිය, වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි උනන්දුවෙන් සහ වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව මූල්‍ය කාර්ය සාධක බළකාය විසින් නැවත අළු ලේඛනගත නොවී සිටීමට වගබලා ගත යුතු බවත් එසේ නොවුණහොත් අහිතකර ආර්ථික බලපෑම්වලට නැවත මුහුණදීමට සිදුවනු ඇති බවත් කියා සිටියේ ය.

ශ්‍රී ලංකාවට එවන් අහිතකර ප්‍රතිවිපාකවලින් බේරී සිටීමට ක්‍රියාමාර්ග 10ක් අවධාරණය කර ඇත.

එම ක්‍රියාමාර්ග වන්නේ සඵලතාව කෙරෙහි අවධානය යොමු කිරීම, වැඩි දියුණු කළ අධීක්ෂණය, කාලෝචිත නීති සම්පාදනය, සම්පත් වෙන් කිරීම, අන්තර් නියෝජිතායතන සම්බන්ධීකරණය, නඩු පැවරීම, නීතිය බලාත්මක කිරීම, අධිකරණය, පෞද්ගලික අංශයේ සහභාගීත්වය, ජාත්‍යන්තර සහයෝගීතාවය යි.

මෙම ප්‍රමුඛතා ක්‍රියාමාර්ගවලට කාර්යක්ෂමව අනුගත වීම මගින්, ශ්‍රී ලංකාවට සිය අන්‍යෝන්‍ය ඇගයීමේ දී හිතකර ප්‍රතිඵලයක් ලබා ගත හැකි වේ.

ReeCha