කේක් ගෙඩියකින් කුකුළු පිහාටුවක් මතු වෙයි..රජයේ පිරිසකට දැඩි චෝදනා..
Sri Lanka
By Aruna
කිළිනොච්චිය නගරයේ ආපනශාලාවකින් ඊයේ (20) මිලට ගත් කේක් ගෙඩියක් තුළ විශාල කුකුළු පිහාටුවක් දා හමු වී තිබෙන බව වාර්තා වනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගිකයා කිළිනොච්චිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට දැනුම් දී ඇති බව වාර්තාවේ.
නමුත් කිළිනොච්චිය නගරයේ ආපනශාලාවලින් මේ අන්දමට විවිධ ද්‍රව්‍ය ආහාර සමඟ තිබී හමු වෙතත් සෞඛ්‍ය නිලධාරීන් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග නොගන්නා බව කිළිනොච්චියේ වැසියන් පවසනවා.
මෙම තත්ත්වය මත කිළිනොච්චිය නගරයේ ආපන ශාලාවල් තුළ මිනිස් ආහාරයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට වෙළෙදුන් පෙළඹී සිටින බවට ද කිළිනොච්චියේ වැසියෝ චෝදනා කරයි.
