වීසා ක්‍රමවේදය සරල කරන්න කැබිනට් අනුමැතිය
Sri Lanka
Sri Lanka Cabinet
Department of Immigration & Emigration
Ministry Of Public Security
Tourist Visa
By Hashini
min විසින් වර්තමානයේ ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
1948 අංක 20 දරණ ආගමන හා විගමන පනත සහ ඒ යටතේ නිකුත් කරනු ලබන රෙගුලාසි වලට අනුකූලව මෙරටට පැමිණෙන විදේශිකයන් හට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා වශයෙන් වීසා වර්ග තුනක් නිකුත් කරනු ලබනවා.
රජය පවසන්නේ,පැමිණීමේ වීසා සහ වාස වීසා යන වීසා වර්ග දෙක යටතේ නිකුත් කරනු ලබන වීසා කාණ්ඩයන්ගේ පවතින සංකීර්ණතා සැලකිල්ලට ගෙන විදේශීය රටවල ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට කටයුතු කරන බවයි.
