18 ට මරු කැදවු මාරක බස් අනතුර (PHOTOS)

BUS ACCIDENT iNDIA LAKNAW BIHAAR LABOURS
By Sewvandhi Jul 28, 2021 04:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් අගනුවර සිට කිලෝ මීටර 28ක් දුරින් පිහිටි ප්‍රදේශයක සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බිහාර් ප්‍රාන්තයේ සිට රැකියා සදහා පැමිණි කම්කරුවන් පිරිසක් මෙම අනතුරට පත්ව ඇති අතර තුවාල ලැබූ පිරිස් කොපමණද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.

කම්කරුවන් ගමන් කල බස් රථය හර්යානා සහ පන්ජාබ් ප්‍රාන්ත වලට ගමන් ගන්නා අධිවේගී මාර්ගයකට ඇතුළු වී සුළු වේලාවකින් අනතුර සිදුව ඇති බවයි  පුවත් සේවය වාර්තා කළේ.

එම අවස්තාවේ සුළු වැසි තත්වයක් පැවති අතර ඒ හේතුවෙන් බස් රථය ලිස්සා ගොස් ට්‍රක් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGallery