මසකට පසු බැසිල්ගේ පැමිණීමෙන් තෙල් මිල පහල බසී ද?
Government
Sri Lanka
Udaya gammanpila
Basil Rajapakshe
Oil prices
By Aruna
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග බොහෝදෙනෙක් ගේ අවධානය ඒ දෙස යොමුව තිබෙනවා.
ඔහු පසුගිය මාසයකට වැඩි කාලයක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලික සංචාරයක නිරත විය.
ඔහු මෙරටට පැමිණීමත් සමග දැනට ඉහළ දමා ඇති ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරුන් ගණනාවක් ම සඳහන් කර ඇත.
බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිටියේ නම් ඉන්ධන මිල ඉහළ නොදමන බවද එම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ප්‍රසිද්ධියේ සඳහන් කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |