බදුල්ල බස් අනතුරෙන් මියගිය සිසුවියන් දෙදෙනාගේ මරණ පරීක්ෂණයෙන් හෙළිවූ දේ..
මෘතදේහ සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී ,බදුල්ලේ ඊයේ (1) සිදු වූ බස් රථ අනතුරින් මියගිය සිසුවියන් දෙදෙනාගේ මරණය සිදුව ඇත්තේ හිසට සිදුවූ බරපතළ හානි හේතුවෙන් බව අනාවරණ වී ඇත.
මෙලෙස මිය ගිය සිසුවියන් දෙදෙනාම 23 හැවිරිදි විය පසුවූහ. ඉන් එක් සිසුවියක් ඉසුරි උමයංගනා වන අතර, ඇය නිවිතිගල, තොලබුගමුව, පහළකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටියාය.
මියගිය අනෙක් සිසුවිය වන එන්.එම්.පී.ටී. හෙට්ටිමුල්ල කුරුණෑගල උණකොළගෙදර ප්‍රදේශයේ පදිංචිකාරිනියක්ය.
අදාළ මෘතදේහ ඊයේ (1) රාත්රීයේදීම ඥාතීන්ට භාරදුන් බවයි, බදුල්ල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ගයාන් කුරේ මහතා පැවසුවේ.
මියගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුකිරීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් රැගත් මෙම බස් රථය අනතුරට ලක්වීමට මිනිත්තු කිහිපයකට පෙර වේගයෙන් ධාවනය කළ අයුරු මෝටර් රථයක ඩෑෂ් කැමරාවේ ද සටහන්ව තිබේ.