ළමුන් සිරගත කිරීමට ඕස්ට්‍රේලියාවේ නව නීතියක්.
Police spokesman
Australia
Law and Order
World
Prison
By Hashini
ඕස්ට්‍රේලියාවේ ඊසානදිග ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රජය විසින් ළමයින් සිරගත කිරීමට හැකිවන පරිදි නව නීති සම්පාදනය කිරීමට කටයුතු කර තිබෙනවා.
එරට මානව හිමිකම් සංවිධාන සඳහන් කළේ මේ හරහා රජය විසින් මානව හිමිකම් පනත උල්ලංගනය කර ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇප කොන්දේසි කඩ කරන තරුණයින් සිරගත කිරීම ඇතුළු තරුණ යුක්තිය පිලිබඳ නීති මෙලෙස වෙනස්කර ඇති බවයි.
මෙම නීතිය යටතට වයස අවුරුදු 10ත් 18ත් අතර ළමයින් ඇතුලත් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ පොලිස් මුර නිවාස වල දින නියමයක් නොමැතිව ළමයින් රඳවා තබා ගැනීමට හැකි බවයි.
