කතරගම අසේල හස්තියාට සිදු වූ ඉතා භයානක හද කම්පා කරවන සිදුවීම..මෙයාව දන්නවනම් වහාම දැනුම් දෙන්න..(PHOTOS)

Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka Kataragama Temple Sri Lanka Prisons in Sri Lanka
By Aruna Aug 21, 2023 07:25 AM GMT
Aruna

Aruna

Report

කතරගම කියල කියන්නෙ අපේ රටේ බෞද්ධයින් වගේම හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන පූජනීය ආගමික ස්ථානයක්.

මේහා බැදුණු සංවේදී කාරණයක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය හරහා දැඩි සේ කතාබහට ලක්වෙමින් පවතී.

එලෙස සමාජ මාධ්‍යය තුල පළ වූ සිදුවීමක් මෙලෙස උපුටා ගන්නා ලදි. "ඉතා සංවේගයෙන් යුතුව ලියමි.....

කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයට අයත් අසේල හස්තියාට ඊයේ දින ඉතා භයානක හද කම්පා කරවන සිදුවීමකට මුහුණ දීමට සිදු විය.

කුමන හෝ තරහක් පිරිමැහීමේ පටු අරමුණින් මේ අසරණ සතාගේ ජීවිතයට හානියක් සිදු කිරීමට මෙහි සිට්න පුද්ගලයන් දෙදෙනා කටයුතු සිදුකර ඇත.

ආසාවෙන් කන කොමඩු ගෙඩියකට ඉතා විෂ කාබයිට් යොදා ආහාරයට ලබා දෙන්න තරම් මේ මිනිසුන්ගේ හිත කොයිතරම් කෘර ඇත්ද.

දැනටමත් මෙහි සිටින බිබිල ප්‍රදේශයේ මුල් පදිංචි දැනට කතරගම පදිංචි රනිල් නැමැත්තා පොලිස් අත්අඩංගුවේ පසුවන අතර නුවර වත්තේගම පදිංචි යසරත්න බණ්ඩාර නැමැත්තා සැගව සිටී.

වාසනාවට කොමඩු ගෙඩිය කටට ගත් පලමු නිමේෂයේම දැනුන වෙනස නිසා එය ආහාරයට නොගන්න අසේල කල්පනා කල නිසා ජීවිතය රැකිනි. නැතිනම් මේ අහිංසකයා නිරපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවනු ඇත.

ඊයේ දිනයෙදි පශුවෛද්‍යතුමාගේ අධීක්ෂණයට ලක් වූ අසේල සුවෙන් සිටින බව වාර්තා වේ.

නමුත් මෙවැනි අධම පහත් ක්‍රියාවක් සිදු කල මෙවැනි තිරිසනුන්ට කෙසේ දඩුවම් කලයුතු දැයි සිතා ගත නොහැක.

මෙහි සිටින යසරත්න බණ්ඩාර නැමැති පුද්ගලයා පිලිබද කුමන ආකාරයේ හෝ තොරතුරක් දන්නේ නම් හැකි ඉක්මණින් ආරක්ෂක අංශ දැනුවත් කිරීමට දෙවරක් නොසිතන්න.

මෙවැනි කෘෘර ක්‍රියා නැවත නොවීමට වගබලා ගන්න. අලි තම දරුවන් මෙන් රැක බලා ගන්නා හස්තිපාලක මහත්වරුන් අතර මෙවැනි අධමයන් සිටීම කෙසේවත් සුදුසු නැත.

තම රාජකාරියට අගෞරව සිදුකරමින් තම ආදරණීය සුරතලා නිසි අයුරින් රැක බලා නොගෙන රැකියාව අහිමිකරගත් මොවුන් දෙදෙනාම තම වෛරය මේ අසරණයා මතින් පිරිමැසීම කොතරම් අකාරුණිකද.

නැවත ඔබට සිහිපත් කරන්නේ මෙම පුද්ගලයා පිලිබද කුමන හෝ තොරතුරක් දන්නේ නම් ආරක්ෂක අංශ දැනුවත් කරන්න.

මෙවැන්නක් යලි කිසිදු හස්තියෙකුට නොවෙන්න ඔබේ සහය ලබා දෙන්න. ??"

GalleryGalleryGalleryGalleryGallery
ReeCha