ශ්‍රී ලංකාවටත් අභිමානයක් ගෙන එමින් අවුරුදු 10ක දැරියක් වාර්තාවක් තබයි.(PHOTOS)

Sri Lanka United Kingdom
By Aruna Nov 18, 2022 06:33 AM GMT
Aruna

Aruna

Report

ලොව බිහිවූ මහා විද්‍යාඥයින් වන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ ඇස්තමේන්තුගත බුද්ධි මට්ටම වන 160ක ප්‍රමාණය ඉක්මවා යාමට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ පදිංචි අරියානා දඹරව හේවගේ නමැති 10 හැවිරිදි වියේ පසුවන පාසල් දැරිය සමත්ව තිබෙනවා.

ඇය පසුගිය දිනක බුද්ධි පැවැති පරීක්ෂණයෙන් ලකුණු 162ක් ලබාගැනීමට සමත්ව තිබේ. ඒ අනුව එය ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ ඇස්තමේන්තුගත බුද්ධි මට්ටම වන 160ක ප්‍රමාණය ඉක්මවා යාමකි.

ඇයගේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ඔවුන් 2009 වසරේදී පදිංචිය සඳහා බ්‍රිතාන්‍යට ගොස් ඇත.

අරියානා පවසන්නේ තම බලාපොරොත්තුව ද ප්‍රසිද්ධ විද්‍යාඥවරියක වීම බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery
ReeCha