වාහන සමඟ පුද්ගලයින්ද රැගෙන ගිය තවත් පාලම් පාරුවක් පෙරළෙයි - මෙහෙයුම් දර්ශන සහිතයි (VIDEO)

KALUTHARA BRIGE FERRY BLACK RIVER BOLOSGAMA
By Sewvandhi Dec 04, 2021 06:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කළුතර දකුණ ප්‍රදේශයේ දී කළුගඟේ පාලම් පාරුවක් පෙරළීමෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්වී තිබේ. පුද්ගලයින් පස් දෙනෙකු, යතුරුපැදි තුනක් සහ පාපැදියක් සමගින් අදාළ පාලම් පාරුව කළුගඟේ ගල්පාත තොටුපොළේ සිට බොලොස්සගම තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී එම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදී පුද්ගලයින් සිව් දෙනෙකු බේරාගෙන ඇති අතර ඉන් එක් අයෙකු අතුරුදන්ව ඇත. අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු නාවික හමුදාව සහ යුද හමුදාව එක්ව සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

ඊයේ (03) රාත්‍රීයේ මෙම ඔරුව අනතුරට ලක්වු අවස්ථාවේදී එහි සිටි පිරිසෙන් එක් අයෙක් ජීවිතාරක්ෂ කබා පැළඳ නොසිටි බවද ප්‍රදේශවාසීන් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW