රෝහලෙන් දුන්න එන්නතින් මියගිය සය හැවිරිදි දරුවා.? (PHOTOS)

Sri Lanka Hospitals in Sri Lanka Death
By Wayomi Aug 21, 2023 07:00 AM GMT
Wayomi

Wayomi

Report

බොරැල්ල රිජිවේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර සිටි සය හැවිරිදි තම සිඟිති පුතුට ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු මියගිය බවට මව්පිය යුවළක් චෝදනා කර කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය, දිප්පිටිගොඩ පදිංචිව සිටි තෙනුජ සස්මිර නානායක්කාර නමැති කුඩා දරුවෙක්.

මෙම දරුවා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණේ පසුගිය 9 වැනිදාය.

ඒ, දරුවාගේ ඇති වී තිබූ ආබාධයකට සහ උණ රෝගය වැළඳීම හේතුවෙන්.

දින 6 ක් තිස්සේ එම දරුවාට රෝහලෙන් විවිධ ප්‍රතිකාර ලබා දුන්නද සුවයක් ලැබී නොමැති අතර දරුවාගේ රෝගී තත්ත්වය හඳුනාගැනීමට නොහැකි වූ බවට වෛද්‍යවරුන් පැවසූ බවද, මවුව්පියන් සඳහන් කරනවා.

දරුවාගේ පියා –

“දොස්තරලා කිව්වා දරුවාගේ ලෙඩේ තාම සොයාගෙන නැහැ කියලා. දරුවාගේ පරීක්‍ෂණ කරනවා. ටික කාලයක් යයි කියලා. පරීක්‍ෂණ කරලා තමයි ලෙඩේ හොයාගෙන බෙහෙත් කරන්න ඕනෙ කියලත් කිව්වා.

දරුවා මගේ වයිෆ්ට කියලා තිබුණා මට හුස්ම ගන්න අමාරුයි අම්මේ කියලා. පස්සේ වයිෆ් මේ ගැන දොස්තර මහත්වරුන්ට කියා තිබුණා. පසුව දොස්තර මහත්වරුන් ඇවිත් දරුවව අයි.සී.යූ එකට ඇතුළත් කර තිබුණා. අයි.සී.යූ. එකට දාන්න කලින් දරුවා හොඳට හිටියා. දරුවා මගේ මුහුණ දිහාත් බලාගෙන හිටියා. ඊට පස්සේ දොස්තරලා ගැහුවා සිහිනැතිවෙන ඉන්ජෙක්ෂන් එක. ඒක දරුවට ගැහුව ගැහුවමයි දරුවා උදේ වෙනකම් ඇහැරුණේ නැහැ.”

දරුවා නැතිවුණු දවසේ දොස්තර මහත්වරු ඇවිත් කියනවා දරුවගේ පෙනහලු දෙක හොඳටම සවුත්තු වෙලාලු. දවසකට ඉස්සෙල්ලා ගත්තා දරුවාගේ එක්ස්රේ එකක්. එතකොට පෙනහලු හොඳට තියෙනවා කිව්වා. පැය භාගයකට පස්සේ ගත්ත එක්ස්රේ එකේ තියෙනවලු දරුවාගේ පෙනහලු හොඳටම නරක් වෙලා කියලා. ඒ අය දන්නවා දරුවට කිසි රෝගයක් නැහැ කියලා. මේක හිතුමතේට කලේ. දරුවට ඇන්ටිබයිටික් දුන්නා. සැර වැඩියි ඒව දරුවට.”


දරුවාගේ මව

"මේ රෝහලේ ඉන්නේ කිසිම වගකීමක් නැති අය. මගේ අහිංසක දරුවා නැතිවුණා. ඇයි දෙයියනේ දරුවට මෙහෙම දෙයක් වුණේ. රෝහලේදී අම්මේ අම්මේ කියලා හොඳට කතා කරපු පුතා අද අපිට නැතිවෙලා."


ළමා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා,

"ඒ මව්පියන් එල්ල කරන චෝදනා සියල්ල අපි ප්‍රතික්‍ෂේප කරනවා. දරුවාට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධ (ඇන්ටිබයිටික්) නිසා දරුවාට මේ මරණය සිදු වූ බවට කිසිදු හේතු සාධකයක් නැහැ. මරණ පරීක්‍ෂණයෙන්වත් එහෙම දෙයක් සානථ වෙලා නැහැ.”

මේ දරුවා ඇතුළත් කර තිබුණේ උණ හා හන්දි ඉදිමීමට අදාළවයි.

මරණ පරීක්‍ෂණයේදී තහවුරු වෙලා තියෙනවා ක්‍ෂය රෝගය වැළඳී ඇති බව. ක්‍ෂය රෝගය තියෙන විට අනිවාර්යයෙන් ම ප්‍රතිජීවක ඖෂධ ලබාදිය යුතුමයි. තව මේ දරුවාට පාංශු උණ වැළඳී ඇති බවටත් දැන් සැකයක් මතුවෙලා තියෙනවා. ඒ ගැනත් සනාථ කර ගැනීමට පරීක්‍ෂණ කරමින් පවතිනවා. වෛiවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ දරුවා බේරාගැනීමට උපරිම වෙහෙසක් ගත්තා.”


- දිවයින -



GalleryGallery
ReeCha