විශ්‍රාම යන්න ඉන්න අයට දැනුම්දීමක්..විශ්‍රාම ගැනීමේ වයස තවත් දීර්ඝ වෙයි..?

By Sewvandhi Nov 24, 2021 09:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනවාරි පළමු වනදායින් පසුව 55න් පසු කැමති අයෙකුට විශ්‍රාම යාමට හැකි බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කරයි.

අද පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් මේ දෙසැම්බර් මස අගදී විශ්‍රාම යන පුද්ගලයන් ද මේ වනවිට කුතුහලයෙන් පසුවන බව පවසමින් එම තීරණය ක්‍රියාත්මක වන දිනය පිළිබඳව විමසූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW