උසස් පෙළ සිසුන්ට නිවේදනයක්.. විභාගය පැවැත්වෙන දිනය හෙට ප්‍රකාශයට.

Ministry of Education Sri Lanka Parliament A D Susil Premajayantha Sri Lanka G.C.E.(A/L) Examination
By Hashini Oct 04, 2023 06:22 AM GMT
Hashini

Hashini

Report

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන් මහතා අද (04) ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා උසස් පෙළ සම්බන්ධයෙන් යළි ප්‍රශ්න කල අවස්ථාවේදීයි.

2023 උසස් පෙළ විභාගය නොවැම්බර් 27 වනදා සිට පැවැත්වීමට දෙසැම්බර් 21 වැනිදා දක්වා සැලසුම් කර තිබුනද එය සංශෝධනය කරන බවයි අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ.

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිපළ නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් විභාගය කල් දමන ලෙස කල ඉල්ලීම් හේතුවෙන් 2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය සංශෝධනය කිරීමට පියවර ගැනුණා. 

ReeCha