ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් එකවරම විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

Cricket Sri Lanka Cricket Sri Lanka
By krishani Nov 08, 2023 03:21 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ආයතනය සඳහන් කළේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී ක්‍රීඩා අමාත්‍යවරයා නිවැරදි නොවන, නොමඟ යවන සුලු චෝදනා එල්ල කර ඇති බවයි.

එමෙන්ම ලබන වසරේ දී මෙරට පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාවට ලබා දිය යුතු බව ක්‍රිකට් ආයතනය පැවසීය.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය සවි කිරීම සහ එහි අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම 2023 ආසියානු කුසලාන තරගාවලියට සමගාමීව ආරම්භ කළ බවත් ආනයන සම්බාධක හේතුවෙන් එහි කටයුතු අපේක්ෂා කළ පරිදි නිම කිරීමට නොහැකි වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්,  හෙට දිනයේදී ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් ද සංවිධානය කර ඇති බව වාර්තා වේ.

ReeCha