වෛද්‍ය අණ නොතැකු රියදුරු මගීන් 40කුත් අවධානමේ හෙළා අවසන් ගමන් යයි - (PHOTOS)
අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක රියදුරුට හෘදයාබාධයක් ඇති වීම හේතුවෙන් එම බස් රථය ඉඟිනියාගල දේවාලහිඳ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, පොලිසිය සදහන් කළේ, බස් රථය පාරෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.මගීන් විසින් කඩිනමින් එම රියැදුරු ඉඟිනියාගල රෝහලට ඇතුළත් කළත් ඔහු මියගොස් ඇති බවයි.
පොලිසිය සඳහන් කළේ රියැදුරු බස් රථය ධාවනය කරන අතරතුර ඇති වූ අසනීප තත්ත්වයකට ඉගිණියාගල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන නැවත බස් රථය කොළඹ බලා ධාවනය කර ඇති බවයි.
ඔහුගේ අසනීප තත්ත්වය බැරෑරුම් බැවින් මෙම ගමන නොයන ලෙසට වෛද්‍යවරයා උපදෙස් දී ඇතත්, වෙනත් රියදුරෙක් නැති බව පවසමින් ඔහු කොළඹ බලා බස් රථය ධාවනය කර තිබෙන බව පැවසේ.
කෙසේ වෙතත් වෛද්‍යවරයා හමුවී සැතපුම් 10 යන්නට පෙර බස් රථයේ රියදුරා නැවත අසනීප වී බස් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී තිබුණා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මඟීන් 40ක් පමණ සිට ඇති අතර, එක් මඟියෙක් පමණක් සුළු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා.
ඡායාරූප - Accident 1st