දොරවල් බිඳිමින් වෙළඳසැල් වලට ඇතුළු වූ හොරා කැමරා කාචයට හසුවෙයි..(VIDEO)

By Sewvandhi Jan 15, 2023 01:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වෙළඳසැල් හිමියෙකු විසින් අම්බලන්තොට පොලීසියට  පැමිණිල්ලක් සිදුකර තිබෙනවා . එනම්,අම්බලන්තොට නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ප්‍රධාන දොර කඩා ඇතුළු වූ පුද්ගලයෙකු වෙළෙඳසැලේ ලාච්චුවේ තිබූ මුදල් රැගෙන ගොස් ඇති බවට ඔහු පැමිණිල්ල සිදුකර ඇත්තේ.

සැකකරු විසින් වෙළෙඳසැලේ ප්‍රධාන වීඳුරු දොරට දැඩි හානි සිදුකර එම සොරකම සිදුකර ඇත. තවත් ඒ අසල වූ වෙළඳසැල් 2ක දොර යතුරු කඩා ඇති අතර ඒවාට සැකකරු ඇතුළු වී නොමැති බව පොලීසිය පවසන්නේ.

තනි පුද්ගලයෙක් ලෙස පැමිණෙන සැකකරු පොල් ලෙලි ගසන පොල් උලකින් ප්‍රධාන වීඳුරු දොර කඩා වෙළෙඳසැලට ඇතුළු වන ආකාරය ආයතනයේ සවිකර තිබු CCTV කැමරාවල පටිගතවී ඇත.

එම දර්ශනවල සිටින පුද්ගලයා මීට පෙර තංගල්ල රන්න, හුංගම යන ප්‍රදේශවල ද වෙළෙඳසැල් කඩා ඇති බව CCTV දර්ශනවලින් හෙළි වී ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධව අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.