ගිනි අවියත් සමඟම අතුරුදන් වූ ගුවන් භටයා සොයා ගනී. (UPDATE)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Sri Lanka Air Force
By krishani Aug 20, 2023 01:45 PM GMT
krishani

krishani

Report

Update :- 

මොරවැව ගුවන් හමුදා කඳවුරේ ගුවන් භටයෙකු කන්තලේ රක්ෂිත යුද අභ්‍යාසයක නිරත වී සිටින අතරතුර දී ටී 56 ගිණි අවිය සමගින් ඇතුරුදන් විය.

පසුව පොලිසිය සමග එක්ව සිදු කළ මෙහෙයුමක දී ඔහු සොයා ගෙන ඇත.

ඒ කන්තලේ රක්ෂිතයේ රැදී සිටියදී ය.

එහිදී පහුණුව ලබමින් සිටි අවස්ථාවේ දී රක්ෂිතය තුළ අතරමන් වූ බව ඔහු පොලිසියට පවසා තිබෙනවා.


------------------------------------------------


ගුවන් භටයෙක් ගිනි අවියත් සමඟම අතුරුදන් වෙයි.

මොරවැව ගුවන් හමුදා කඳවුරේ ගුවන් භටයෙකු ටී 56 ගිණි අවිය සමඟ ඇතුරුදන් වී ඇති බව වාර්තා වේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කන්තලේ රක්ෂිත යුද අභ්‍යාසයක නිරත වී සිටින අතරතුර දී ය.

ඔහු වයස අවුරුදු 22ක ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

කෙසේ වෙතත්, පොලිසිය සඳහන් කළේ අතුරුදන් ගුවන් භටයා සොයා මෙහෙයුමක් දියත් කල බවයි.

නමුත් තවමත් ඔහු හමු වී නොමැත.


ReeCha