විශ්ව විද්‍යාල අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්.

Ministry of Education Sri Lanka G.C.E.(A/L) Examination Education
By Hashini Oct 05, 2023 03:15 AM GMT
Hashini

Hashini

Report

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙන්නේ විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාරගැනීම අදින් (05) අවසන් වන බවයි.

2022/23 අධ්‍යයන වර්ෂ සඳහා පසුගිය සැප්තැම්බර් 14 දින සිට සති තුනක කාලයක් ඒ සඳහා ලබා දී තිබුණි.

අයදුම්පත් භාර ගැනීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරුණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසන්නේ අදින් පසු යළි අයදුම්පත් භාර ගැනීම දීර්ඝ නොකරන බවයි.

පසුගිය සැප්තැම්බර් මස 4 වන දින 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණා.

166,938 දෙනෙකු උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ගත් අතර විභාගය සඳහා අයදුම්කරුවන් 263,933 දෙනෙකු පෙනී සිටියා.   

ReeCha