සීනිගම පෙරහැර සමයේ විශේෂ රථ වාහන සැලැස්මක්.
Police spokesman
Sri Lanka Police
Sri Lanka
By Hashini
සීනිගම දේවාලයේ වාර්ෂික මහා පෙරහර අද (01) සිට ලබන 04 වනදා දක්වා පැවැත්වෙනවා.
පෙරහැර පැවැත්වෙන එම ප්‍රදේශය ආශ්‍රිත ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන තදබදයක් ඇති නොවන අයුරින් අවස්ථානුකුලව පෙරහැර ගමන් ගන්නා මාර්ගය ඔස්සේම යොමු කිරීමට නියමිතය.
පොලිස් මූලස්ථානය පවසන්නේ, කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා රථවාහන මීටියාගොඩ පොලිස් වසමේ කහව හන්දියෙන් හරවා මිටීයාගොඩ, කිරළගහවෙල හන්දියෙන් වමට හරවා අලුත්වල, සරණ හන්දිය, ගෝනපීනුවල හතරමංහන්දිය හරහා කුමාරකන්ද හන්දිය ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකි බවයි.
