පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්...
Election Commission of Sri Lanka
Sri Lanka
Money
Death
Election
By Parami Dissanayake
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළැඹෙන සතියේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මේ වන විට කොමිසම සතුව නොමැති බවත් එම මැතිවරණය සඳහා සිදුකරන ලද මූලික වියදම් හැර අනෙකුත් සියලු ඉතිරි මුදල් මහා භාණ්ඩාගාරය වෙත ප්‍රතිපූර්ණය කර ඇති බවත් එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ ය.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දුන් ඇතැම් අපේක්ෂකයින් මේ වනවිට රට අත්හැර ගොස් ඇති බව ද ඇතැම් අපේක්ෂකයින් මියගොස් ඇති බව ද වාර්තා වී ඇතැයි ඔහු පවසා ඇත.
ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ දී පැවැත්විමට නියමිතව ඇත.