බාහිර කටයුතුවල නිරත වන සිවිල් ආරක්ෂක භටයින් ගැන විශේෂ තීරණයක්.
Sri Lanka
Government Of Sri Lanka
Ministry of Defense Sri Lanka
By Wayomi
සිය අනුයුක්ත රාජකාරියෙන් පරිබාහිර කටයුතුවල නිරත වන සිවිල් ආරක්ෂක භටයින්ගේ සේවය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ, අනුව රාජකාරියෙන් පරිබාහිර කටයුතුවල නිරත වන සිවිල් ආරක්ෂක භටයින්ගේ සේවය විනය පරීක්ෂණයකින් අනතුරුව අත්හිටුවනු ඇති.
ඊට අදාලව ආගමික, කෘෂිකාර්මික, අලිවැට නඩත්තු කිරීම් සහ වෙනත් ආයතනවලට අනුයුක්ත කර ඇති සිවිල් ආරක්ෂක සමාජිකයින් එම රාජකාරිවලට පරිබාහිර ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇත්ද යන්න කරුණු සොයා වාර්තාවක් ලබාදෙන ලෙසයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම සිවිල් ආරක්ෂක භටයින් වෙනත් රාජකාරිවලට අනුයුක්ත කිරීම සඳහා නිකුත් කර ඇති නියෝග මාලාව යාවත්කාලීන කරන ලෙසද දැනුම් දී ඇත.
