රුපියල් ලක්ෂ ගණනක වාර්තාවක් තැබූ අනුරාධපුරේ ගොවි රජෙක්.
Anuradhapura
Mahinda Amaraweera
Sri Lanka
Ministry of Agriculture
By Wayomi
අනුරාධපුර ගොවි මහතෙක් මිරිස් අස්වැන්නෙන් ඉහලම ආදායමක් උපයමින් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඒ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවලාකුළම, පුලියන්කුළම පදිංචි එච්. එම්. ඒ. පීරිස් ගොවි මහතායි.
ඔහු මෙම වර්තාව තබා ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය( High Density Cropping System)භාවිතා කරමින්.
මෙම ගොවි මහතා අක්කර භාගයක මිරිස් වගා කර රුපියල් ලක්ෂ 70ක් උපයා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.
මින් පෙර අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායමක් උපයා තිබුනේ යාපනයේ ගොවි මහතකු වන අතර ඔහු අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් රුපියල් ලක්ෂ 50ක මුදලක් උපයා තිබුණා.
