බස් ගාස්‍තුවත් ඉහළට.. (PHOTOS)
UPDATE:-
හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4.01% කින් වැඩි කිරීමට නියමිතයි.
එමෙන්ම ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ රුපියල් 30/= ක් වු අවම ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
කෙසේ වෙතත්, එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම බස් ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගී බස් ගාස්තු ද ඉහළ දමන බව ය.
බස් ගාස්තු සංශෝධනය පිළිබඳව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
--------------------------------------------------
බස් ගාස්තුවටත් කුමක් වෙයි ද?..
ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවක දී බස් ගාස්තු වැඩි කිරීමට යෝජනා වී ඇත.
මෙලෙස යෝජනා වී තිබෙන්නේ 4%කින් බස් ගාස්තු වැඩි කිරීමටයි.
එමෙන්ම එහි දී අවම බස් ගාස්තුව නොවෙනස්ව තබා ගැනීමටත් යෝජනා වී ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත් මෙම යෝජනාව, අවසාන වශයෙන් තීරණය කිරිමට ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
--------------------------------------------------


