බදියුදීන්ගේ සිර මැදිරියේ තිබී හමු වුණු දේ මෙන්න (VIDEO)
දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සිරමැදිරියේ තිබී ජංගම දුරකථනයක් හමුවී තිබේ. ඒ මහතා මේ වනවිට රඳවා සිටින්නේ කොළඹ මැගසින් බන්ධනාගාරයේය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසුවේ ඊයේ (01) දිනයේදී මෙම ජංගම දුරකථනය සොයාගත් බවය. බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයෙක් සහ තවත් ජේලර්වරයෙකු ඔහුගේ සිරමැදිරියට යන අවස්ථාවේදී බදියුදීන් මහතා දුරකථනය භාවිත කරමින් සිට සිරමැදිරියේ ඇති කවුළුවෙන් එය පිටතට විසිකර ඇති බවද චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.
ඒ අනුව මෙම දුරකථනය වැඩිදුර පරීක්ෂණ සඳහා බුද්ධි අංශවෙත භාරදී තිබේ. මෙම වැරදි සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරයාව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට ගෙනඒමට කටයුතු කරන බවද බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී අමාත්‍යංශයට අයත් ලෝහ අබලි ද්‍රව්‍ය පුද්ගලික ආයතනයකට ලබාදී අයුතු ලෙස උපයා ගත් මුදල් ත්‍රස්තවාදී ක්‍රියා සඳහා යොදාගැනීම ඇතුළු සිද්ධි කිහිපයක් යටතේ ඔහුට එරෙහිව චෝදනා පවතී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
