මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් දියවැලකට ගසා ගෙන යයි..
Sri Lanka Police
Missing Persons
Sri Lanka
Sri Lanka Navy
By Hashini
මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුවීමෙන් පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
ඊයේ(30) සවස් කාලයේ හබරාදූව පොලිස් වසමේ කොග්ගල කතළුව පාලමේ මෝය කට ආසන්නයේ මුහුදේ දිය නාමින් සිටි පිරිසකගෙන් තිදෙනෙකු මෙලෙස මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේ දෙදෙනෙකු බේරාගත් නමුත් අනෙක් පුද්ගලයා දියේ ගිලී අතුරුදන්ව ඇත.
අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 35ක් වන බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය පවසන්නේ, උඩවලව ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසකගෙන් තිදෙනෙකු මෙලෙස දියවැලකට හසුවී ඇති බවයි.
බේරාගත් දෙදෙනා ප්‍රතිකාර සඳහා කළුගල රෝහලට ඇතුළත් කර ඇති අතර, අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලීසිය,නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් දියත් කර ඇත.
හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
