ශ්‍රී ලංකා රේගුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Sri Lanka Customs
By krishani Aug 20, 2023 11:17 AM GMT
krishani

krishani

Report

පුද්ගලයන් රවටමින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් දෛනිකව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා කියා සිටියේ ය.

විවිධ වංචාකරුවන් විසින් විදේශ මුදල් සහිත පාර්සලයක් එවා ඇති බවට සඳහන් කරමින් රේගු ගාස්තු ගෙවන ලෙස දැනුම් දෙන බවත් විවිධ ත්‍යාග දිනා ඇති බවට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම මෙම වංචාවන් සඳහා රේගුවේ ලිපි ශීර්ෂ, දුරකථන අංක මෙන්ම රේගු නිලධාරීන්ගේ නම් ද භාවිත කරන බවට තොරතුරු ලැබී ඇත.

කෙසේවෙතත්, ඒ අනුව ශ්‍රී ලංකා රේගුව විසින් ජනතාවට දැනුම් දෙනු ලබන්නේ මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙසයි.

ReeCha