ළමා නිවාසයක දැරියකට ප්‍රධාන පාලිකාව කළ දේ...

Police spokesman Colombo Sri Lanka
By Hashini Nov 09, 2023 03:18 AM GMT
Hashini

Hashini

Report

නාරාහේන්පිට ළමා සුබසාධන හා සංවර්ධන මධ්‍යස්ථානයක දැරියක් විෂබීජ නාශක දියරයක් පානය කිරීමෙන් රෝහල් ගත කර තිබෙනවා.

මෙම දැරිය වැසිකිළි පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශක දියර පානය කර ඇත්තේ එම සුබසාධන හා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලිකාවගේ සහ සේවිකාවගේ බැනවැදීම් සහ පහරදීම් ඉවසා ගැනීමට නොහැකිව බවයි වාර්තා වන්නේ.

දැරිය විෂබීජ නාශක දියරය පනය කරන අවස්ථාවේ දී ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව විසින් '' බීපන් තව බීපන්, මැරෙන්නම බීපන් '' යැයි පවසමින් පහර දී ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

පහර කෑමට ද ලක් වූ අදාළ දැරිය මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා. 

ReeCha