මිනිත්තු 10ක හාදුවෙන් පසු පෙම්වතා රෝහල්ගත කරලා..

China
By krishani Sep 04, 2023 10:38 AM GMT
krishani

krishani

Report

චීන පෙම්වතෙකු විසින් සිය පෙම්වතියට මිනිත්තු 10ක හාදුවක් ලබා දීමෙන් පසුව ඔහු රෝහල්ගත කළ පුවතක් වාර්තා වේ.

ඒ ඔහුගේ වම් කණට හානි වී කන් නොඇසී යාමෙන් ය.

චීන ආදරවන්තයින්ගේ දිනය අගෝස්තු 22 වැනිදාට යෙදී තිබිණ.

එදින ඔහු තම පෙම්වතියට හාදුවක් ලබා දෙන මොහොතේ ඔහුට වම් කන ඇතුළෙන් පිපුරුම් හඬක් ඇසී තිබෙනවා.

ඉන් පසුව ඇති වූ වේදනාව හේතුවෙන්  ඔහු එම අවස්ථාවේදීම රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, එම තරුණයාට සුවය ලැබීමට මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.

ReeCha