18කට මරු කැඳ වූ බිහිසුණු රිය අනතුර - 13ක් රෝහල්ගත කරයි..

Pakistan Accident Death
By krishani Aug 20, 2023 06:34 PM GMT
krishani

krishani

Report

පකිස්ථානයේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් නවතා තිබූ වෑන් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජිවිතක්ෂයට පත් විය.

එමෙන්ම තවත් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ මගීන් 40කට වැඩි පිරිසක් සිට ඇත.

අනතුරින් බේරාගත් පුද්ගලයන් දැඩි ලෙස පිළිස්සී ඇති අතර දිවි ගලවාගත් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

එම අනතුර සිදුවන විට මගීන් කිහිපදෙනෙකු ජනෙල්වලින් පැන යාමෙන් පසු පිළිස්සුම් තුවාල සහිතව සුළු තුවාල ද ලබා ඇත.

මේ අතර වාහන දෙකෙහිම රියදුරන් මිය ගිය බව එරට පොලිසිය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ReeCha