සංගීත ප්‍රසංගයේදී මත්ද්‍රව්‍ය සමඟ කෙල්ලො කොල්ලො 31ක් මාට්ටු

Report

මිරිහාන මාදිවෙල, කිඹුලාවල ප්‍රදේශයේ "කමත" නැමති ස්ථානයේ ඊයේ (01) රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයට පැමිණි තරුණ තරුණියන් 31 දෙනෙකු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.

මෙම මෙහෙයුම, රටම එකට මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව සිදු කරන ලද්දකි. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු රහසිගත තොරතුරක් මත සංගීත ප්‍රසංගය පැවති ස්ථානය අවට මෙහෙයුමක් ක්‍රියාත්මක කර මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් දික්ඕවිට ධීවරයාගේ යාත්‍රාවේ හෙරොයින් සහ අයිස් කිලෝ 350කට වැඩි ප්‍රමාණයක්

අත්අඩංගුවට ගත් දික්ඕවිට ධීවරයාගේ යාත්‍රාවේ හෙරොයින් සහ අයිස් කිලෝ 350කට වැඩි ප්‍රමාණයක්

මෙම අවස්ථාවට තරුණ තරුණියන් 600 කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර, සැකකටයුතු ලෙස හැසිරුණු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර,කුෂ්, පිල් (ඩාන්සින් ටැබ්ලට්), මැන්ඩි, හෑෂ්, ගංජා, කේරළ ගංජා ෆී කැප්, විදෙස් රටවල නිෂ්පාදිත නීති විරෝධී දුම්වැටි අයිස් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබී ඇත.

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් මීගමුව, අනුරාධපුර, ගාල්ල, කඩුවෙල, හෝමාගම, නුගේගොඩ, නුවරඑළිය, හැටන් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ වයස 16–35 අතර වන බව පොලිසිය සඳහන් කර ඇත.

පිස්සු හැදෙන අද රන්මිල මේ පාරනම් ලොකු වාසියක් වගේ

පිස්සු හැදෙන අද රන්මිල මේ පාරනම් ලොකු වාසියක් වගේ