මෙරට ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකින්ම එකවරම කළ දැනුම්දීමක් මෙන්න..
සඳුදාට සාපේක්ෂව අද (27) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.
සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 296.25 සහ රු. 303.75ක් (පිළිවෙලින්) විය.
NDB බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 296 සිට රු. 297.10 සහ රු. 304 සිට රු. 305.10ක් (පිළිවෙලින්) විය.
මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 294.68 සිට රු. 295.17 ක් සහ රු. 305.26 සිට රු. 305.77ක් (පිළිවෙලින්) විය.
කොමර්ෂල් බැංකුවට අනුව ගැණුම් අනුපාතිකය රු. 294.19 සිට රු. 295.18 ක් වන අතර විකුණුම් අනුපාතය රු. 304 සිට රු. 305ක් විය.
රජයෙන් දෙන මුදලක්.. 25,000ක් දක්වා ඉහළ දාන්න කැබිනට් අනුමැතිය.. අද සිට රටපුරා කරන්න යන දෙයක් ඒ අතර..
කෙසේ වෙතත්, සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 295.50 සිට රු. 296.50 සහ රු. 304.50 සිට රු. 305.50ක් (පිළිවෙලින්) විය.