මේ අංශයේ රාජ්‍ය සේවකයන් 2000ක පුරප්පාඩු - වැඩ කටයුතුත් අඩාල වේ

Report

ශ්‍රී ලංකාවේ සියලුම බන්ධනාගාර පද්ධතිය තුළ මේ වන විට නිලධාරීන් 2,000කට ආසන්න බරපතළ පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

පවතින මෙම දැඩි සේවක හිඟය හේතුවෙන් බන්ධනාගාරවල දෛනික පරිපාලන කටයුතු, ආරක්ෂක විධිවිධාන මෙන්ම රැඳවියන් කළමනාකරණය කිරීමේ කටයුතු ද ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

මේ පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, පසුගිය 2022 වසරේ සිට මේ දක්වා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා කිසිදු නව නිලධාරියෙකු බඳවා ගැනීමට කටයුතු කර නොමැති බවයි.

දිගු කලක් තිස්සේ පවතින මෙම ගැටලුව හේතුවෙන් දැනට සේවයේ නියුතු නිලධාරීන්ට ද දැඩි සේවා පීඩනයකට මුහුණ දීමට සිදුව ඇත.

රට යන්න පෙරුම් පුරපු ඔයාට රජයෙන් ලක්ෂ 5කට වැඩි පඩියකට රට යන්න නියම චාන්ස් එකක්

රට යන්න පෙරුම් පුරපු ඔයාට රජයෙන් ලක්ෂ 5කට වැඩි පඩියකට රට යන්න නියම චාන්ස් එකක්