මිනිස් සිරුරට අහිතකර ඖෂධ 156ක් තහනම් කරයි..

India Businessman World National Health Service
By Aruna Aug 25, 2024 01:43 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන ලද ඖෂධ 156ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එම ඖෂධ භාවිත කිරීම තුළින් මිනිස් සිරුරට අහිතකර අවදානමක් ඇති විය හැකි බව සිදුකළ පර්‍යේෂණවලදී අනාවරණය වී ඇති බවත්, ඒ අනුව, සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ලද ඖෂධ වර්ග කිහිපයක්ද මෙලෙස තහනමට ලක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අදත් මේ ප්‍රදේශයෙන් ඔබ යනවනම් විකල්ප මාර්ග භාවිතා කරන්න..පොලීසියෙන් දැනුම්දීමක්..

අදත් මේ ප්‍රදේශයෙන් ඔබ යනවනම් විකල්ප මාර්ග භාවිතා කරන්න..පොලීසියෙන් දැනුම්දීමක්..


එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඉන්දීය ඖෂධ තාක්ෂණික උපදේශක මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව, මධ්‍යම රජය විසින් අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීම, විකිණීම සහ බෙදාහැරීම මෙලෙස තහනම් කර ඇති බවයි.

මින්පෙර 2018 වර්ෂයේදී ද ඉන්දීය රජය විසින් ඖෂධ 328 ක් තහනම් කි‍රීමට කටයුතු කළා.

දිවයින පුරා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..අවධානයෙන් ඉන්න.

දිවයින පුරා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..අවධානයෙන් ඉන්න.


ReeCha